My Blog List

Tuesday, January 31, 2017


ධවල මන්දිරය තීන්ත ගෑමට මිල ගනන් කැඳවයි...

ට්‍රම්ප්ගේ ප්‍රඵම ඇනවුම ලංකාවට ලැබෙන ලකුණු....
චීන ආණ්ඩුවේ කොටේෂන් එක මි.03
ජර්මන් ආණ්ඩුවේ කොටේෂන් එක මි. 07
ශ්‍රීලංකා ආණ්ඩුවේ කොටේෂන් එක මි. 10
ට්‍රම්ප් ලියල එවල තව දුරටත් පැහැදිලි කරන්න කියලා.
චීනෙන් කීවලු මි. 1ක් පේන්ට් වලට, මි.1ක් කම්කරු ගාස්තු, ඉතිරි මිලියනය ලාභේ කියලා.
ජර්මනියෙන් කීවෙ මි.3ක් පේන්ට් වලට, මි.2ක් කම්කරු ගාස්තු, මි.2ක් ලාභෙ කියලා.
ලංකාවෙ ආණ්ඩුවෙන් ලියලා යැව්වලු ටෙන්ඩර් එක අපිට දෙන්න, මි.4ක් කොමිෂන් එක ගන්න, අපිට මි.3ක් ඇති. ඉතිරි මි.3 චීනාට දීලා ඕක ගොඩදාමු කියලා.
දැන් ට්‍රම්ප් හදන්නෙ රනිල්ගෙන් බිස්නස් ඉගෙනගන්න ලංකාවට එන්නලු.
අපි අයින් වෙලා පයින් යමු පුතී
🇺🇸🇺🇸🇺🇸🙏🙏🙏😂😂😂

Thursday, December 29, 2016


නිනව්වක් 
නැති ප්‍රේමයට...
අකුරැ අමුනා 
ගෙතුව...
ලස්සනම 
ගීතයට...
පනදුන්න
ස්වරයකට...
උපමා කුමට
නුබ තරම්...
සිත එක්ක
සැරිසැරැව
තනුවකට...

Monday, December 19, 2016

.....නැව ගිලුනත් ගැට්ටේ බජව්.....: ව්‍යාජ දේශප්‍රේම අබුඩය චීනා ඉදිරියේ ගලවා ගැනීම.හම...

.....නැව ගිලුනත් ගැට්ටේ බජව්.....: ව්‍යාජ දේශප්‍රේම අබුඩය චීනා ඉදිරියේ ගලවා ගැනීම.
හම...
: ව්‍යාජ දේශප්‍රේම අබුඩය චීනා ඉදිරියේ ගලවා ගැනීම. හම්බන්තොට වරාය සේවක උද්ගෝෂණය හරහා වරායේ හෙලි නොවුන තොරතුරැ එකිනෙක දිග හැරෙන්නට පටන් ...

.....නැව ගිලුනත් ගැට්ටේ බජව්.....:   පමා වී ආ වසන්තය...ඈත... මිටියාවතරෝස කුසුමක්මත සි...

.....නැව ගිලුනත් ගැට්ටේ බජව්.....:   පමා වී ආ වසන්තය...ඈත... මිටියාවතරෝස කුසුමක්මත සි...:   පමා වී ආ වසන්තය... ඈත...  මිටියාවත රෝස කුසුමක් මත සිනිදුවට  ඇතිරූ සඳ  කිරණ  වගේ...  ඔබ මගේ සිත පිරිමදින  අපූරැ...
  පමා වී ආ වසන්තය...
ඈත... 
මිටියාවත
රෝස කුසුමක්
මත සිනිදුවට 
ඇතිරූ
සඳ 
කිරණ 
වගේ... 
ඔබ මගේ සිත
පිරිමදින 
අපූරැව...
හිරැ...
ගේනවා යැයි කියු 
වසන්තය... 
සඳ...
නුබ පමා වී මට 
ගෙන ඇවිත්...

-නිරෝ-

19.12.16.

Friday, December 16, 2016

ව්‍යාජ දේශප්‍රේම අබුඩය චීනා ඉදිරියේ ගලවා ගැනීම.


හම්බන්තොට වරාය සේවක උද්ගෝෂණය හරහා වරායේ හෙලි නොවුන තොරතුරැ එකිනෙක දිග හැරෙන්නට පටන් ගත්තේ හම්බන්තොට රාජපක්ෂලාගේ මෙතෙක් යන්තමින් හෝ ආරක්ෂා කරගෙන තිබු දේශප්‍රේමී අබුඩ කෑල්ල සුලගේ පාකරමිනි.
හම්බන්තොට වරායේ අනියම් සේවකයින්ගෙන් නාමල් රාජපක්ෂත් චමල් රාජපක්ෂත් රැපියල් ලක්ෂ 2 බැගින් අයකර බදවාගෙන ඇත්තේ වරාය අධිකාරියේ ස්තීර සේවයට එක්කරනා පොරොන්දු දීමෙනි. සේවකයින් රවටා අප්පච්චිලා පුතාලා අහිංසක මිනිසුන් රවටා ඔවුන්ගේ හීන එක්ක මුදලින් ගනුදෙනු කර ඇතත් ඔවුන්ගේ බලාපොරොත්තු බලය ඇති අවස්ඵාවේදීවත් ඉටු කරීමට අපොහොසත් වී අද නැවතත් හිරිකිතයකින් තොරව අප නැවත බලයට පැමිණ විට සේවය ස්තීර කරනවා යැයි පැවසීමෙන් එම සේවකයින් නැවත වටයකින් රවටා ගැනීමට උත්සහ කරයි. එම අවස්තාව රාජපක්ෂලාට හිමිවුනොත් එය ලක්ෂ 4 ක කප්පමක් සේවකයින්ට ගෙවීමට සිදුවිය හැක.
යහපාලන අසාර්තක ආර්තික ක්‍රියාදාමයේ නවතම ගොදුර මාගම්පුර වරායයි. එම වරාය පාඩු ලබන සුදුඅලියෙක් බව කාටත් නොරහසක් වුනත් මේ රටේ අහිංසක ජනතාවගේ ලේදහඩිය මුසුවුන බදු මුදලින් ඉදිකල බව කාටත් නොරහසකි. මෙම වරාය විකිණීම පිලිබද ගිවිසුම නීතිපති වරයා වෙත වරාය අධිකාරිය 2014 සැප්තැම්බර් 16 දින යොමුකරන්නේ එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍යන්ෂ ලේඛම් පීබී ජයසුන්දරගේ පූර්ණ අනුමැතියෙනි. කොටින්ම මෙම ගිවිසුම ආන්ඩුවට 35% යි චයිනා මර්චන්ට් සමාගමට 65% ලෙස සකසා අත්සන් කරන්නේ අප නැවත පැමිණි පසු විකිනු සියල්ල යලි පවරා ගන්නවා යැයි ව්‍යාජ දේශප්‍රේමි මහින්ද රාජපක්ෂමයි. තමන් විකුණන විට එය දේශප්‍රේමී වන අතර අනුන් විකුණන්න තැත් කරන විට නිර්වස්ත්‍රව ජනතාව ඉදිරියේ කෑමොර දෙන්නේ රටේ ජනතාවයේ බුද්ධියට සහ ස්මරණ ශක්තියට නිග්‍රහ කරමිනි.
මන්ත්‍රී මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ අගමැති චීනයට පිටත් කොට හරින්නේ එම ගිවිසුම අලුත්වටයකින් සැකසීම සාකච්චා කිරීම සඳහායි. එම ගිවිසුම 2016.12.05 දින අහෝසිකොට නව ගිවිසුමක් ඇති කිරීමට මලික් සමරවික්‍රම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමාට පාර්ලිමේන්තුවේ විශේෂ ස්තූතිය පුදකරමින්.
මහජනයා සතු ධනය සමග සෙල්ලම් කරන මේ විකට රජා සහ ඔහුට අනුග්‍රහය දක්වමින් සියල්ල විකුනාදමන බදුපිට බදු ගසන දඩ පිට දඩ ගසන යහපාලන රනිල් මහින්ද හවුල් ආන්ඩුවත් ජනතාව නිවැරදිම අවස්තාවේ එකට තබා තීරණාත්මකව පරාජය කරන බලාපොරොත්තුව අප සතුයි. උපනූපන් පරම්පරා හත අටක් ණය කරැවන් කර ඔවුන්ගේ ලේදහඩියෙන් උපයන සොච්චමට බදු ගසා එකතු කරගත් මහා ධනය විනාශ කරන අයුරැ ඇස් කන් ඇති හිත්පිත් ඇති පුරවැසියන්ට ඉවසා සිටීමට නොහැක.
අප ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාජ දේශප්‍රේමය තවරාගත් විකට රජවරැන්ට හෝ මහා ආර්තික ඤාණවන්තයින් කියමින් බලයට පැමිණිපසු බදු ගැසීමත් මහජන දේපල විකිනුම් කරැවන්ට ඔබේ රටට ඇති ආදරය පුරවැසි යුතුකම යටකර සිල්ලරට මිලට ගැනීමට ඉඩ නොදෙන ලෙස පමණයි. ඔබ අද නිහඩවුනොත් නැවත කිසි දිනක ඔබේ හඬ කිසිවෙකුට නොඇසෙන්නට ඉඩ ඇත. පුරවැසි යුතුකම රට වෙනුවෙන් ඉටුකරමු.