My Blog List

Wednesday, December 7, 2016

ජාතිවාදී හොද්ද රස කෙරෑ කරපිංචා නැට්ට.


විමල් වීරවංශ ලොකුම හානිය ක‍ලේ ජවිපෙට නොව මහින්ද රාජපක්ෂටය. වේදිකාවක් වෙදිකාවක් ගානේ ජාතිවාදය වපුරා මහින්දට සුළුජාතික චන්ද අහිමි කලේය.
මහින්ද පැරදුනේ දකුණේත් උතුරේත් සුළුජාතික චන්ද අහිමි වීමෙනි.අද ගෝටාභය කරලියට ගෙන එන්න මහින්දලාට විමල් අයින් කල යුතුය. විමල්ගෙ ජන්ම වෛරක් කරැ බැසිල් නව පක්ෂ‍යේ සංවිධායක කරන්‍නේ එම අරමුණිනි.
විමල් විරවංශ තම ගෝලබාල චීවරධාරීන් සහ අනෙකුත් පුද්ගලයන් හරහා මහින්දට පහර ගසන්න පටන් ගෙන තිබේ.මෙය අහබුවක් නොවෙ. විමල් එජාප සම්බන්ධතාවයන් ඉතාම පරෙස්සමින් පවත්වාගෙන යන්නේ මහින්ද ගේ ජාතිවාදී කඳවුරින් කොයි මොහොතක හෝ එලියට විසිවෙන බව නිසැකවම දන්නා නිසාය. මහින්දලාට විමල් තේරැම් යන්න පටන් ගත්තේ 2015 ජනාධිපතිවරණයෙන් පසුය.
කෙසේ වෙතත් කෙතරම් උත්සහ කලත් රාජපක්ෂලාට විමල් විසින් ගැසු ජාතිවාදී හංවඩුව මකා දැමීමට නොහැකිය. විමල් ඒ තරමටම ජාතිවාදී කෝණයකට රාජපක්ෂලා තල්ලු කර හමාරය. ඒ විනාශය සුළුපටු නොවේ.
විමල් හෙට අනිද්දාම මහින්ද කඳවුරින් නික්මීමට සුදානම් බව රාවයක් ඇත. පල නොකියා පලා බෙදන බැසිල් ලග දනින් වැටීමද නැතිනම් ව්‍යාග්‍රයෙක් මෙන් එලියට පැමින රනිල්ට එකතු වන්නේද යන්න දෙස අප ඉවසීමෙන් බලා සිටිමු. කෙසේ වෙතත් විමල්ගේ දේශපාලන ගමන් මගේ අවසාන අධියරට පැමිණ ඇති බව නම් කාටත් වැටහෙන කාරනයකි. ඒ දැන් විමල් ජාතිවාදී හොද්දේ නැටු කරපිංචා නැට්ට වී හමාර නිසාය.
නලින්ද මීගහවත්ත.
07.12.2016

No comments:

Post a Comment