My Blog List

Wednesday, November 30, 2016

පාදඩ දේශප්‍රේමියෝ .



වසර 30 බෙදුම්වාදී යුද්ධ‍යෙන් වැඩියෙන්ම පීඩාවට පත් වුනේ මායිම් ගම්මානයි.එම ගම්මාන සිංහල ජනතාව වාසය කල අතර ඝාතනය කරනු ලැබුවේ විශේෂයෙන් කැති පොරෝ සහ කඩු මන්නා යොදා ගනිමිනි. ඒ අල්ලපු ගෙදර පුද්ගලයන්ට නොඇසෙන ලෙසයි. එම වකවානුවේ ඝාතනයන් සියල්ලක් ම පාහේ නැගෙනහිර පලාත ආශ්‍රිතව සිදුවුයේ එම පලා‍තේ සිංහල ගම්මාන අති බහුතරයක් කොටි පාලන ප්‍රදේශයන්ගේ මායිමේ පිහිටා තිබු නිසාවෙනි. 

වසර ගනනාවක් මෙම කොටි ඝාතන කල්ලි මෙහෙයවුයේ මඩකලපුවේ උපන් විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කෘර ඝාතනයන් නිසාම ඉක්මනින් ප්‍රභාකරන්ගේ විශ්වාසය දිනාගෙන කනල් තනතුරට උසස් කෙරෑ කරැණායි.
යුද්ධ‍යේදී හමුදාවේ සොල්දාදුවන් 26000 ක‍ගේ ජීවිත උදුරා ගන්න මේ නැගෙනහිර කොටි නායක කරැණා ලබා දුන් දාකත්වය දෙවැනි වන්‍නේ ප්‍රභාකරන්ට පමණි. 


යුධ උපක්‍රම දැන ගැනීම සඳහා කරැණා යොදාගත්තා නම් අපේ හමුදා බුද්ධි අංශය ඉතාපහත් ලෙස අවතක්සේරැ කිරීමකි. 
මහින්ද රාජපක්ෂ මේ කාරණය නිසාම හමුදාවේ පිලිකුලට භාජනය වීය. ඔහුගේ පරාජයට සෘජුවම හමුදාව මෛත්‍රීට චන්දය පාවිච්චි කිරීම ජනවාරි 8 තැපැල් චන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.
අහිංසක නිරායුධ උපාසක උපාසිකාවන් 149 ක් බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන්ගේ ස්පර්ෂය ලද ජීවමාන ශ්‍රීමාබෝධිය මලුවේ කපා කොටා ඝාතනය කලේ කරැණාගේ මෙහෙයවීමෙනි.
අරන්තලාවේ සාමනේරවරැ 17 ක් ගමන් ගත් බසය තුලම ඝාතනය කිරීමට මේ කරැණා තමන්ම පැමිනි බවත් හිස් ගෙඩි දෙපලුකර බසයෙන් බැසගිය බව පසුව හමුදා අත්අඩංගුවට පත් කොටි හෙලිකොට ඇත.


නිරායුධ පොලිස් බටයන් 600 ක් කැලයට ගෙනගොස් ඔවුන් අනින්ම තම මීනිවල කප්පවා ලමා සොල්දාදුවන්ට ඉලක්කයට වෙඩිතැබීමෙ සජීවී අද්දැකීම ලබාදී පන ගැහෙන එම සිංහල පොලිස් භටයන් අමු අමුවේ වලදැමුවේ මේ කරැණාගේ නායකත්වයෙනි.
එහෙව් ජන ඝාතකයෙක් දකුණේ කීර්තිමත් දේශපාලන පක්ෂයක උපසභාපති කම පිරිනැමීම මොනතරම් ජාති ද්‍රෝහිද?. එම පක්ෂට චන්දය පාවිච්චි කල ජනතාව මොනතරම් අභාග්‍ය සම්පන්නද?. මොනතරම් නිවට තත්වයකට ඇද දමා ඇතිද?. ඝාතනය වු 26000 ක් හමුදා සෙබලුන් සමහරක් තම අවසන් හුස්ම හෙලු‍වේ තම ආදරණිය සටන් සගයා‍ගේ ලය මත හෝ උකුල මතයි. මෙවන් ඝාතනයක් කල කරැණාට එම හමුදාවම ලවා ආචාර කිරීමට සැලැස්වීම කෙතරම් හමුදාව අපහාසයටත් සරදමටත් ලක්කිරීමක්ද?. 
තම බලලෝභයට ගත් පහත් පාහර තීරණ අදත් සාධාරනීකරණය කරන්න පෙලබී ඇති නිවට වහල් රාජපක්ෂලා‍ගේ අසූචි ඉහඳ පනුවන් පෙල‍බෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. හමුදාව සහ පොලීසිය සේවය කරන මහත්වරැනි රාජපක්ෂ වරැ ඔබ බිල්ලට දී බලය වෙනුවෙන් කරන පාහර පාවාදීම් වෙනුවෙන් පෙනී නොසිටින්න. නිල ඇදු‍මේ ගෞරවය වෙනුවෙන් මේ වංනිකයින්ට හසු නොවන්න.

No comments:

Post a Comment