My Blog List

Tuesday, December 6, 2016

ගෝටා නිදොස්කොට නිදහස් වුන දා ...


2005 වසරේ සිට 2015 වසර දක්වා රාජපක්ෂ රජය වෙත චෝදනාවක් එල්ල කරන්න විවේචනය කරන්න ඉඩක් ලැබුන ප්‍රධානම කාරණය වන්නේ මහා පරිමාන මහජන දේපල මන්කොල්ලයයි . මහජන දේපල යනු සරලව මහජනතාව ගේ බදු මුදලින් නඩත්තු කරන සේවා ,නිශ්චල ,චංචල දේපල ,මුදල් ,වීදේශ මුදල් සංචිත ,භුමිය ,වනය ,වනසතුන් ලෙස ගත හැකිය . මේවා රටේ මහජනතාව ට අයත් සම්පත් ලෙස ගත හැකිය . 
මහජන දේපල මංකොල්ල කෑම යනු ඔබෙත් මගෙත් අනාගතය ,උරුමක්කාරයන් ගේ අනාගතය මංකොල්ල කෑමයි .අප ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනීසිටින්නේ එහි මහජන දේපල මංකොල්ල කන කිසිවෙක් නැති බව ඉඳුරාම දන්නා බැවිනි .මා වගේම බොහෝ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාසය තබන්නේ රටේ විශ්වාසය රකින්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ලෙස ඔවුන් අපේ විශ්වාසය දිනා ඇති බැවිනි .පක්ෂයේ වාමවාදී ප්‍රතිපත්ති සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් ඔවුන් ගෙනයන අරගලයට මට සාමාජිකයෙක් ලෙස දිය හැකි උපරිම දායකත්වය මම ඔවුනට ලබා දෙමි . මානව ප්‍රගමනය වෙනුවෙන් අද දේශපාලන ව්‍යාපාරයක් හුදෙක් තම ලාබ ප්‍රයෝජන පසෙකලා කොන්දේසි විරහිතව මානව සංහතිය වෙනුවෙන් පෙනී සිටිනා ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණි .
රාජපක්ෂ පාලනය අප නිර්ධය ලෙස විවේචනය කරන්නේ (කලේ ) ඔවුන් මහජන දේපල තම දේශපාලන බලය යොදා මංකොල්ල කෑ බවට සාක්ෂි පැහැදිලිව ලැබී ඇති වටපිටාවක් තුලය .කෙනෙකුට චෝදනාවක් එල්ල කරන්න පැහැදිලි සාක්ෂි හෝ සාධාරණ සැකයක් ඉදිරිපත් කල යුතු බව අප කවුරුත් දන්නා කාරණයක් . අද යහපාලන රජය ක්‍රියා කරමින් ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන න්‍යායපත්‍රය ට ගැලපෙන දේශපාලන භූමියක් සකසා ගැනීමයි .යහපාලන රජයේ පවත්වා ගෙන යන්නේ එජාප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුලකින් වුවද වැඩි බර එජාප සතු බව නොරහසක් .එජාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර දුර්වල කර තනි ජයග්‍රහණයකට මාවත විවර කර ගැනීමේ උත්සාහය දරන්නේ රාජපක්ෂ වරුන් ශක්තිමත් කිරීම මගිනි .
අද රාජපක්ෂ පාලනයේ ආර්ථික සංවර්ධන කැබිනට් ඇමති බැසිල් රාජපක්ෂ ( අප හොරා කීවද ශ්‍රී ලංකා අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කර ඇත ) මහතාට ලබා දුන් නියෝගයෙන් ගම්‍ය වන්නේ පැහැදිලවම ඔහු මහජන දේපල සොරා නොගත්තා නොවේද ?.නඩු පවරන්නේ තාක්ෂණික දෝස ඇතිවන සේ ම නම් අධිකරණය ගැන පුරවැසියෙක් ලෙස කෙසේ විශ්වාස කල හැකිද ?.ජනතාවගේ ඇස ඉදිරිපිට ඔහු කල මහජන දේපල මංකොල්ලය පෙනෙන්නට තිබියදීත් ශ්‍රී ලංකා අධිකරණයට ඔහු නිවැරදි කරුවෙක් නම් පුරවැසියන් ලෙස අප කුමක් කල යුතුද ?.කුමක් කල හැකිද ?.

කාගේ උවමනා එපා කම් වලට හෝ චුදිතයෙක් නිදහස් වනවානම් ඔහු තව දුරටත් නිතිය ඉදිරියේ චුදිතයෙක් ,සැක කරුවෙක් , නොවන්නේය . ඔහු නිදහස් නිවරදි පුරවැසියෙකි . වරද ඇත්තේ ඔබතුලයි ,මාතුලයි පමණි .මන්ද මේ රටේ මහජන දේපල මංකොල්ලයට එරෙහිව ප්‍රභලව හඬ නැගු නිසාවෙනි . ඒ රටේ නිතිය සැමට සමානය කියා අප විශ්වාස කල නිසාම නොව අප වැනි පුංචි මිනිසුන් ඉදිරියේ නිතිය ඉතාම අපක්ෂ පාතිව අපට දඬුවම් දුන් නිසා යම් තරමක හෝ බලාපොරොත්තුවක් මහා මංකොල්ල කරුවන් වෙනුවෙනුත් එම නිතිය ක්‍රියාත්මක වෙනු ඇතැයි හැඟුන නිසාවෙනි .

දේශපාලන භුමිය සැකසෙන්නේ මහජනතාව බලාපොරාත්තු වුන යහපාලනය ස්ථාපිත කරන්න නොවේ . මෙයින් අපහසු තාවයට පත් වුනේත් අපේක්ෂා භංගත්වයට පත්වුනෙත් යහපාලනය වෙනුවෙන් චන්දය භාවිතා කර ලක්ෂ 62 ජනතාවගේ යහපත් රටක සාධාරණ සමාජයක ජිවත් වීමේ බලාපොරොත්තුවයි.රාජපක්ෂ පාලනය ජනතාව අතර අප්‍රසාදයට පත්වුණේ මහජන දේපල මංකොල්ල කෑම සම්බන්ධයෙන් වුනත් යහපාලන රජය ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නේ නම් අපට ඔවුන් පිලිබඳ කිසිම දේශපාලන විවේචනයක් නැත . මේ වාගේම ගෝටාභය රාජපක්ෂ මහතා අවන්ගාර්ඩ් වංචාව සහ මිග් ගනුදෙනුවෙන් නිදොස් කොට නිදහස් කරනවා නම් මට ඔහු ගැන දේශපාලන විවේචනයක් ඉතිරි වන්නේ නැත .චෝදන්නාවක් නොමැතිව විවේචනයක් ඉදිරිපත් කරන්න තරම් කිසිවෙකු මානසික රෝගීන්ද නොවේ . 

එබැවින් ගෝටාභය රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් වුන දිනක ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට සහය දෙන්න කිසිවෙකුට දෙවරක් සිතන්න අවශ්‍ය වන්නේ නැත . මන්ද රටේ නිතිය ඉදිරියේ අප සියලු දෙනා එක සමාන නම් නීතියෙන් නිදොස් කොට නිදහස් කල පුරවැසියෙකුට හිමි ගෞරවය ඔහුටත් අපටත් එක හා සමානව ඇති බැවිනි .

---නලින්ද මීගහවත්ත ---
06.12.2016.


No comments:

Post a Comment